26.9 C
Colombo
Wednesday, September 28, 2022
Google search engine
Homeආයතන සහ සේවා"මිල්කෝ ලාභයි කීවේ මෙහෙමයි"

“මිල්කෝ ලාභයි කීවේ මෙහෙමයි”

තවමත් මිල්කෝ සමාගම නිල වශයෙන් නිකුත් කර ඇත්තේ 2017 වාර්ෂික වාර්තාව (Annul Report) පමණි.එහි අලාභය මිලියන 606 ක් බව විශ්වාසනීය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එයට මූලික හේතුව ලෙස අමුකිරි මිලදී ගැනීමේ පිරිවැය පෙර වර්ෂයට සාපේක්ෂව රුපියල් මිලියන 1808 කින් ඉහළ ගොස් තිබීමද(රුපියල් මිලියන 4530 සිට 6338 දක්වා)නව කිරිපිටි කර්මාන්තශාලාව අඹේවෙල ආරම්භ කිරිමේ මෙහෙයුම් වියදම් ද ඉහළ යාම බව හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා වාර්ෂික වාර්තාවේ දක්වා ඇත.සාමාන්‍යයෙන් ලාබ ලබන සමාගමක් වූ මිල්කෝ සමාගම මීට පෙර ද UHT යන්ත්‍ර අලුතින් ස්ථාපනය කළ වර්ෂවලදීද අලාභ ලැබීය.

දෛනිකව කිරි ලීටර් 210,000 ක් පමණ නිෂ්පාදනය කළ හැකි ධාරිතාවය මිල්කෝ සමාගම 410,000 දක්වා වැඩිකළේ අඹේවෙලට අලුත් කිරිපිටි කර්මාන්තශාලාවක් එක් කරමිනි.මේ සඳහා මහා භාණ්ඩාගාරය විශාල මුදලක් වැයකර ඇත .පොළොන්නරුව මෙන්ම දිගන කර්මාන්තශාලා ද නවීකරණය කළ අතර අලුතින් බඩල්ගම කර්මාන්තශාලාවක්ද ඉදි කරමින් තිබුණි.භාණ්ඩාගාරය මේ සඳහා ආයෝජනය කළත් මිල්කෝ සමාගමද යටිතල පහසුකම් ආදිය සඳහා අති විශාල මුදලක් වැය කර ඇත.මීට අමතරව අයවැය යෝජනා මඟින් කිරි මිල ඉහළ දැමීම නිසා මිල්කෝ සමාගමට භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු මුදල් ද නිසියාකාරව නොලැබීම නිසා කිරි මුදල් නියමිත දිනට ගෙවීම ඒ කාලයේ ප්‍රමාද විය.එහෙත් 2017 හා 2018 මිල්කෝ සමාගම ඉතිහාසයේ වැඩියෙන්ම කිරි එකතු කරපු වර්ෂ විය.මේ සඳහා අතරමැදියන්ගෙන් වැඩි මිලට කිරි මිලදි නොගැනීමද විශේෂත්වයකි .

මිල්කෝ සමාගම ගර්භණී මාතාවන්ට ත්‍රීපෝෂ ලබාදීම සඳහා කිරිපිටි කිලෝ එක එම සමාගමට ලබාදුන්නේ රු 800 ක් වැනි අවම මිලකටය.(වර්තමාන කළමණාකාරිත්වය එය රු 1000 සීමාවටත් වඩා ඉහළ නංවා ඇත.මේ නිසා නැවත ටෙන්ඩර් දැමීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ අතර මාස කිහිපයක් ගර්භණී මාතාවන්ට කිරිපිටි නොලැබීමට එයද එක් හේතුවක් විය.)තවද පාසැල් ළමුන්ට නොමිලේ කිරි වීදුරුවක් පහුගිය කාලයේ ලබා දුන්නේ ඉතාම අඩු මිලකටය.(වර්තමානයේ එය නවතා ඇත.)මේ ව්‍යපෘති දෙකෙන්ම සමාගමට අලාභ සිදු වුණත් මහ ජනතාවට අත්‍යවශහ්‍ය නිසා පහුගිය වකවානුවල එය අඛණ්ඩව ලබාදීමට කටයුතු කර ඇත.මේ සඳහා මුදල් ලැබෙන්නේද ඉතා ප්‍රමාදවීය.

2020 වර්ෂයේ ජනවාරි මුල් දින කිහිපයේ මිල්කෝ සමාගමකට මාස ගණනාවක් තිස්සේ නොලැබුණු පාසැල් වලට කිරි සැපයීම නිසා ලැබිය යුතු මුදල් මිලියන 100 ක් පමණ ලැබුණි .ජනවාරි 16 අලුත් සභාපතිවරයා වැඩ භාර ගන්නා විටත් ඒ මුදල් ලැබී දින කිහිපයක් ගෙවී තිබුණි.මේ මුදලින් ජනවාරි මුල් සති දෙකේ කිරි මුදල් ගෙවීම් එකවර සිදු කළේය .සෞභාග්‍යයේ දැක්ම අනුව NBT,ESC බදු ඉවත් කිරීම නිසා සෘජුවම මිල්කෝ සමාගමට වාර්ෂිකව මිලියන 250 ක පමණ මුදලක් ඉතිරි විය.තවද VAT බදු අඩු කිරීම නිසාත් විශාල මුදලක් 2020 වර්ෂයේදී ඉතිරිවිය.ජනවාරි සහ පෙබරවාරි මාසවල 400g එක් කිරිපිටි පැකට් එකක්වත් නිෂ්පාදනය නොකළ සමාගම මාර්තු කොරෝනා වසංගතය නිසා රටම අගුළු දැමූ මොහොතේ කල්තබා ගතහැකි සහ ඉක්මණින් මුදල් කළහැකි 400g කිරිපිටි නිෂ්පාදනය කළේය.වර්ෂය තුළ කිරිපිටි පැකට් එක එකවර රුපියල් 35 කින් වැඩිකර අධික මුදලක් උපයා ගත්තේය.මීට අමතරව පාසැල්වලට දුන් කිරි පැකට් නිෂ්පාදනය නොකිරීම සහ කිරිපිටි හා යෝගට් හැර සෙසු නිෂ්පාදන අඩු කිරීම නිසා ඇසුරුම් ද්‍රව්‍ය ,වෙනත් අමුද්‍රව්‍ය ,ආනයනික ඇසුරුම් ද්‍රව්‍ය සඳහා ගිය වියදම් විශාල වශයෙන් අඩුවිය.නිෂ්පාදන වර්ග 15 කට අධිකව මිල ඉහළ දැම්මේය.කරුණු මෙසේ වුවත් අලුත් කිරිපිටි කර්මාන්තශාලාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන මිල්කෝ ආර්ථිකය ශක්තිමත් කරගෙන පැරණි පාලනය අසාර්ථක බව පමණක් පැවසීම සාධාරණ නැත.මීට අමතරව 2020 වර්ෂය මිල්කෝ ලාබ ලබද්දිත් සේවකයන්ට අප්‍රේල් බෝනස්,හැම්පර්,ආදී බොහෝ දේ අහිමි වූ වසරක් ලෙස සඳහන් කළ හැක.වර්තමානය වනවිට නිෂ්පාදන වර්ග 25 ක පමණ මිල ඉහළ දමා ඇත.සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිරිමිල තීරණය කිරීම කිරිවල ගුණත්වය පදනම් කරගෙන සිදු කරන බව පැහැදිලිවම සඳහන් කර තිබියදීත් හිටපු සභාපතිවරයා සාමාන්‍ය කිරි ගොවීන්ට ලීටරයට 80 ක් 90 ක් අතර මිලක් ගෙවද්දි අතරමැදියන්ට 120ක් 130 ක් අතර මිලක් ගෙවා ඇත්තේ ගුණත්වය ද නොසළකමින් වීම බරපතල කාරණයකි.මෙය සමස්ත කර්මාන්තයටම අයහපත් ආකරයකින් බලපාන සාධකයකි.2019 වර්ෂයේදී දියර කිරි වාර්ෂිකව ලීටර් මිලියන 25 ක් නිෂ්පාදනය කර ඇතත් 2020 වර්ෂයේදී මිලියන 17 ක් හා 2021 වර්ෂවලදී මිලියන 20 ක් පමණක් නිෂ්පාදනය කර ඇත.තවද පාරිභෝගික ජනතාව කිරිපිටි පෝළිම්වල සිටියදී ඉකුත් දෙසැම්බර් මාසයේදී 400g එකදු කිරිපිටි පැකට් එකක් හෝ නිෂ්පාදනය කර නොතිබුණි .අලුත් අයිස්ක්‍රීම් වර්ගයක්(“රජ”)වෙළෙඳපොළට හඳුන්වා දීම වෙනුවෙන් රූපවාහිනි දැන්වීම් ප්‍රචාරණයට පමණක් රුපියල් කෝටි 2ක් වැයකර ඇත.හිටපු සභාපතිවරයා පාරිභෝගික අවශ්‍යතාවය හා රජයේ ප්‍රතිපත්තිය නිවැරැදිව වටහා ගෙන නොතිබුණි.

RELATED ARTICLES