26.1 C
Colombo
Saturday, October 1, 2022
Google search engine
Homeඅධ්‍යාපන2021 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කැඳවීම අදින් අවසන් වේ

2021 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කැඳවීම අදින් අවසන් වේ

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සඳහා ලබාදී තිබු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ වන තෙක් අයදුම්කර නොමැති සිසුන්ට අද දිනයේ අයදුම් කිරිමේ හැකියාව පවතින බවයි

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි මෙන්ම නිල ජංගම දුරකතන යෙදවුම ඔස්සේ මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ යුතු අතර රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරයා වෙත ලබාදී ඇති පරිශීලන නාම හා මුරපද භාවිතා කර අයදුම් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය පසුගිය 10 වනදා අවසන්වීමට නියමිතව තිබූ නමුත් ඒ වෙනුවෙන් ලබාදෙන කාලය තවත් සතියකින් දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

ඒ අනුව පෙබරවාරි 17 වනදා දක්වා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කිරිමට පියවර ගත් බව විභාග දෙපාර්තමේන්තුව පවසන අතර සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස 23 දින සිට ජූනි 01 දා දක්වා පැවැත්වීමට නියමිතව පවතින බවද සඳහන් කළේ ය.

RELATED ARTICLES