Home ක්‍රීඩා ආසියානු කුසලානය ලබන අගෝස්තුවේ දී

ආසියානු කුසලානය ලබන අගෝස්තුවේ දී

0
29

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු 27 වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තිරණයකර තිබෙනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ දී මෙම තීරණය ගෙන ඇති අතර විස්සයි විස්ස තරගාවලියක් ලෙසයි මෙය පැවැත්වෙන්නේ.

ඒ සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ ලබන අගෝස්තු 20 සිට ක්‍රියාත්මක වනවා.

ආසියානු කුසලාන තරඟාවලිය සෑම වසර දෙකකට වරක් පැවැත්වෙන අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය අවලංගු කරනු ලැබුවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරඟාවලිය සඳහා 2021 ජුනි මාසයේ දී අවදානය යොමු වූ නමුත් කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය යළිත් වරක් ඉහළ යාම හේතුවෙන් එයද නවතා දැමීමට සිදුවුණා.

මේ අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂාගේ, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිත්වයේ නිල කාලය 2024 වසර දක්වා දීර්ඝ කිරීම ඒකමතිකව සම්මත වී තිබෙනවා.

ඒ, කොළඹදී පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා සැසිවාරයේ දීයි.