27 C
Colombo
Tuesday, September 27, 2022
Google search engine
Homeක්‍රීඩාමොයින් නිසා චෙන්නායි සුපර් කිංග්ස් කළමණාකාරීත්වය කනස්සල්ලෙන්

මොයින් නිසා චෙන්නායි සුපර් කිංග්ස් කළමණාකාරීත්වය කනස්සල්ලෙන්

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීගේ පැමිණීම දිගින් දිගටම ප්‍රමාද වීම සම්බන්ධයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ කළමණාකාරීත්වය කනස්සල්ලට පත්ව තිබෙනවා.

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීමේ අරමුණින් ඉන්දියාවට පැමිණීමට මොයින් අලී, ඔහුගේ සංචාරක ලියකියවිලි එක්සත් රාජධානියේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිෂ්කාශනය වන තෙක් බලා සිටියන බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවට පැමිණීමට අදාල වීසා ඉල්ලුම් කිරීම මොයින් අලී විසින් පසුගිය පෙබරවාරි 28 වැනිදා සිදුකර ඇති අතර වීසා ඉල්ලුම්කර මේ වනවිටත් දින 20ක් ගතව අවසන්.

මොයින් අලී ඉන්දියාවට නිතර යන එන අයෙක් වී ඇති අවස්ථාවකත් එක්සත් රාජධානියේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඔහුට වීසා බලපත්‍රය මේ වනතෙක් නිකුත් නො කිරීම සම්බන්ධයෙන් ඉතා කණගාටුවන බවයි චෙන්නායි සුපර් කිංග්ස් කළමණාකාරීත්වය සඳහන් කර සිටියේ.

චෙන්නායි කළමණාකාරීත්වය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඔහුව ගෙන්වා ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ද උදව් කිරීමට එකඟවී ඇති බවයි.

බොහෝ විට හෙට දිනය වනවිට මොයින් අලීට ඉන්දියාවට පැමිණිමට අදාල වීසා අවසරය ලැබෙනු ඇති බවයි ඔවුන් පවසා සිටියේ.

ඉන්දීය රුපියල් කෝටි 08ක මුදලකට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මොයින් අලීව මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගනු ලැබුවා.

එළඹෙන 26 වනදා 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලිය අරඹමින් කොල්කටා නයිට්රයිඩර්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් තරග බිමට පිවිසීමට නියමතයි.

පළමු තරගයේ සිටම මොයින් අලීව කණ්ඩායමට එක්කර ගැනීමට ඇති දැඩි අවශ්‍යතාවය හේතුවෙන් ඔහුව ඉක්මනින් ඉන්දියාවට ගෙන්වා ගැනීමට චෙන්නායි කළමණාකාරීත්වය මෙලෙස දැඩි ලෙස වෙහෙසෙන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර සිටියේ.

RELATED ARTICLES