Home ක්‍රීඩා මාලිංග සතුටින්

මාලිංග සතුටින්

0
58

පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව තමන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබුණා.

දක්ෂ පන්දු යවන්නන් පිරිසක් සිටින කණ්ඩායමක් සමඟින් වැඩ කිරීමෙන් සතුටක් ලබන බව ද ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.

මාලිංග එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ පසුගිය වසරේදී ද රාජස්ථාන් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකාර තනතුර භාරගන්නා ලෙසට, එවක කණ්ඩායම් සගයා වූ කුමාර් සංගක්කාර තමන්ට ඇරයුම් කළ බවයි.

තමාට පසුගිය වසරේම පුහුණුකරු තනතුර භාර ගැනීමට අවශ්‍ය වූ නමුත් ජෛව ආරක්ෂිත බුබුලකට සීමා වී තම පවුලෙන් ඈත්ව සිටීමට සිදුවන බැවින් එය ප්‍රතික්ෂේප කළ බව මාලිංග එහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ මෙම සුපිරි වේග පන්දු යවන්නා 2008 වසරේ සිට 2019 වසර දක්වා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක්ව සිටි අතර ඔහු අවස්ථා කිහිපයක දී එම කණ්ඩායමට IPL ශූරතාව දිනාගැනීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළා.

මාලිංග IPL තරඟාවලියේ කඩුලු 170ක් දවාගෙන ඇති අතර තවමත් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියාගේ කිරුළ ඔහු සතුව පවතිනවා.