Home ක්‍රීඩා 2022 IPL පිටියේ පළමු ශතකය බට්ලර්ගේ පිත්තෙන්

2022 IPL පිටියේ පළමු ශතකය බට්ලර්ගේ පිත්තෙන්

0
43

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වාර්තා වූ පළමු ශතකයේ හිමිකරුවා බවට පත්වන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජෝෂ් බට්ලර්ට ඊයේ (02) හැකියාව ලැබුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ ඊයේ පැවති තරගයේ දී ජෝෂ් බට්ලර් මෙම ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර එම ශතකයට දැවැන්ත හයේ පහර 05ක් සහ හතරේ පහර 11ක් ඇතුළත්.

පන්දු 66කින් වාර්තා කළ මෙම ශතකය අයි.පී.එල්. පිටිය තුළ ජෝෂ් බට්ලර් රැස්කළ දෙවන ශතකය වීම විශේෂත්වයක්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ ඊයේ (02) පැවති මෙම තරගය රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයින් ජය ගත්තේ ලකුණු 23කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදී දුන් රාජකීයන් කඩුලු 08 කට ලකුණු 193ක් ලබා ගැනීමට සමත් වූ අතර, එහිදී ජස්ප්‍රිත් බුම්රාගේ පන්දුවාර 04 කැපී පෙනුනා.

බුම්රා සිය පන්දුවාර 04 යවා අවසන් කළේ ලකුණු 17කට රාජස්ථාන් කඩුලු 03ක් දවා ගනිමින්.

ලකුණු 194ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 තුළ ලබාගත හැකි වූයේ කඩුලු 08ක් දැවී ලකුණු 170ක් පමණයි.

මේ අතර ඊයේ (02) රාත්‍රියේ පැවති තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 14ක ජයක් හිමකර ගත්තා.