26 C
Colombo
Sunday, November 27, 2022
Google search engine
Homeඑතෙරඉන්දියාව සහ අමෙරිකාව අතර ආරක්ෂක සබඳතා දැඩි කෙරේ

ඉන්දියාව සහ අමෙරිකාව අතර ආරක්ෂක සබඳතා දැඩි කෙරේ

ඉන්දියාව සහ අමෙරිකාව අතර ආරක්ෂක සබඳතා වැඩිදියුණු කිරීම සදහා වන එකඟතා රැසක‍ට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

විදෙස් වාර්තා සඳහන් ‍කළේ, අභ්‍යවකාශ තත්ත්ව දැනුවත් කිරීමේ එකඟතාවයක් ද ඒ අතර වන බවයි.

දෙරට අතර ඊයේ පැවති අමාත්‍ය මට්ටමේ ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී මෙම එකඟතාවයට පැමිණ ඇති බව සඳහන්.

රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් අමෙරිකාව වෙනුවෙන් මෙම සාකච්ඡාව සදහා එක් වූ අතර ඉන්දියාව වෙනුවෙන් ඊට එක්ව සිටියේ විදේශ අමාත්‍ය එස් ජයිසංඛර් සහ ආරක්ෂක අමාත්‍ය රජිනාත් සිංය.

දෙරටේ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවට සමගාමීව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ද දුරකතන සාකච්ඡාවක් පැවති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

RELATED ARTICLES