Home ගොසිප් හැමෝම එකතු කරගෙන සරන්‍යා දුවගේ මාස හයේ උපන්දිනය ජයටම සමරපු සාරංග සහ...

හැමෝම එකතු කරගෙන සරන්‍යා දුවගේ මාස හයේ උපන්දිනය ජයටම සමරපු සාරංග සහ දිනක්ෂි

0
46

සාරංග සහ දිනක්ෂි කියන්නේ සමාජ මාධ්‍ය පුරාවටම නිතරම කතාබහට ලක්වෙන චරිත දෙකක්. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් මේ දෙදෙනාට හොඳ කියනවා වගේම ඔවුන් දෙදෙනාට බනින පිරිසකුත් ඉන්නවා. කෙසේ නමුත් බහින අයට පාඩුවේ බනින්න දීලා තමන්ගේම තාලෙකට ජීවිතේ ගත කරන මේ සුන්දර කලා තරු යුවල හරිම සතුටින් තමයි එදිනෙදා ජීවිතය ගත කරන්නේ.

සාරංග දිසාසේකර මේ දිනවල නළුවෙක් සහ නිවේදකයෙක් වශයෙන් ඔහුගේ වැඩ කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා සිටින අතර දිනක්ෂි  දරු ප්‍රසූතියෙන් පසුව නැවත වතාවක් කලා ලෝකයත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා ඇය රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණයක් තුළින් එය දැක බලා ගන්නට ලැබුණා.

ඒ වගේම තමයි මේ දිනවල බොහෝ දෙනෙක්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන රජයට විරුද්ධ විවිධ විරෝධතා  වලට සාරංග සහ දිනක්ෂි  සහාය පළ කිරීමට ජනතාවත් සමඟ සිට ගත්තා. ඔවුන්ගේ තේමා පාඨය වුණේ අදූරදර්ශී පාලනය නැවැත් විය යුතුයි කියන දේ. විශාල සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් එකතු වෙලා ඉන්න සාරංග සහ දිනක්ෂිගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහාද youtube නාලිකාව හරහා ද මේ පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු වුණා.

 මේ විදිහට හැමෝම එක්ක ලස්සනට ජීවත්වෙන්න උත්සාහ දරන සාරංග සහ දිනක්ෂි  විවාහ වෙලා ඉතාමත් කෙටි කාලයකින් ආදරණීය දෙමව්පියන් වෙන්න වාසනාව ලැබුවා. ඔවුන් දෙදෙනා මේ වෙද්දි සුන්දර දියණියකගේ සෙනෙහේබර දෙමව්පියන්. ඒ වගේම තමයි මේ ආදරණීය දියණියටද මේ වෙද්දි මාස හයක් සම්පූර්ණ වෙලා.

නමුත් බොහෝ දෙනෙක් කරන චෝදනාවක් තමයි මාස හයක් වෙලා තාමත්  දරුවාගේ මුහුණ ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න ඔවුන් දෙදෙනා තීරණය නොකරපු එක. ඔවුන් සමාජ මාධ්‍ය වෙත ඡායාරූප මුදා හරින්නේ දරුවාගේ මුහුණ නොපෙනෙන ආකාරයටයි. කෙසේ නමුත් ඒ සඳහා බොහෝ ප්රේක්ෂකයන් අදහස් දක්වලා තිබුණා.

ඒ මොනවා වුණත් පසුගිය දවසක සාරංග සහ දිනක්ෂි හරි අපූරුවට ලස්සනට ඔවුන්ගේ පවුලේ සමීපතයන් කීප දෙනෙක් එකතු කරගෙන ආදරණීය දියණියගේ මාස හයේ උපන්දිනය සමරලා තිබුණා. ඒ වගේම සාරංගත් ඔහුගේ මුහුණු පොත හරහා දියණියගේ මාස හයේ උපන්දිනයේ ඡායාරූප හුවමාරු කරගෙන තිබුණා.