Home කලා හුඟක් ගෑනු ඔය නපුරොන්ට ඇත්තටම ආදරෙයි!

හුඟක් ගෑනු ඔය නපුරොන්ට ඇත්තටම ආදරෙයි!

0
128

නපුරාට ආලය කිරීම!

මේක මම පොඩි කාලේ කියවපු සුරංගනා කතාවක් රුසියන් සුරංගනා කතාවක් කතාවෙ නම රතු මල!

මේක මට ගෙනල්ල දුන්නෙ මම ඒ කාලේ ලෝකෙ වඩාත් ආදරය කරපු පිරිමියා උනු මගේ තාත්තා!ඔන්න රට රටවල් වල ගිහිල්ලා වෙළදාම් කරන ව්‍යාපාරිකයෙක් හිටියා එයාට දුවලා තුන් දෙනෙක් හිටියා ලොකු දුවලා දෙන්නා සාමාන්‍යයෙන් ඕන කතාවක වෙනවා වගේ නපුරුයි ආත්මාර්ථකාමී පොඩි දුව හරිම සුන්දරයි ලස්සනයි කාරුණිකයි!

ඉතින් තාත්තා එක දවසක් දුර ඈත වෙළදාම යන්න ඉස්සෙල්ලා දුවලා තුන් දෙනා ගෙනල්ලා ආපහු එනකොට තෑගි විදිහට මොනවද ඕනෙ කියලා ඇහුවා…පට්ට නපුරු ආත්මාර්ථකාමී ලොකු දුවලා දෙන්නා ලොකු ලොකු තෑගී වටිනා දේවල් ගේන්න කිව්වා

ලස්සන පොඩි දුව කිව්වා තාත්තෙ මට එක රතු මලක් ගෙනාවාම හොඳටම ඇති කියලා!

හැබැයි ඉතින් ඒක ලෝකේ ලස්සනම රතු මල වෙන්නත් ඕනි කිව්වාඒකෙන්ම තේරෙනවනේ ඉතිං එයා තමයි තාත්තගෙ apple of the eye!වෙළෙන්දා ආපහු එන ගමනෙදි ලොකු දුවලා ගේන්න කියපු තෑගි හොයා ගත්තා ඒත් අර ලස්සන පුංචි කෙල්ල ගේන්න කියපු රතුමල හොයා ගන්න අමාරු උනා වෙළෙන්දා මහන්සියෙන් ඇවිදලා ඇවිදලා පරණ මාලිග යකට නොදැනුවත්ම ඇවිල්ලා තිබ්බා!

ඒකෙදි වෙළෙන්දා බඩගිනියි කියලා හිතපු ගමන් කෑම මැවෙනවා නිකං ඒවත් නෙමේ රාජභෝජන නිදා ගන්න ඕනේ කිය. හිතපූ ගමන් ඇඳක් මැවෙනවා නිකං ඒවා නෙමේ රත්තරන් ඇදන් අන්තිමට වෙළෙන්දා කල්පනා කරා මේවා කරන්නේ කවුද කියලා නමුත් කිසි කෙනෙක් පේන්න නැහැ

ඔහොම ඉන්න අතරේ එක දවසක් වෙළෙන්දා දකිනවා මාලිගාවේ ගොඩැල්ලක් උඩ පිපිලා තියෙන ඉතාම ලස්සන රතු මලක් !වෙළෙන්දට පොඩි දුව මතක් වෙනවා ඈ කියපු ලෝකේ ලස්සනම රතු මල ඒක වෙළෙන්දා එක කඩා ගන්නවා!

අන්න එතකොට මාලිගාවේ කිරිගරුඩ බිත්තිය මත ලියවෙනවා මම උඹ ඉල්ලපු හැම දෙයක්ම දුන්නා කන්න බොන්න දුන්නා සංග්‍රහ කරා නමුත් උඹ මගේ ලස්සනම රතු මල කඩාගෙන යන්න ද හදන්නේ කියලා ඒක බොහොම බිහිසුණු විදියට රතු පාටින් තමයි බිත්තියේ ලියවෙන්නේවෙළෙන්දා කිව්වා

මට ලස්සන ආදරණීය දුවලා තුන් දෙනෙක් ඉන්නවා මම නොගියොත් ඒගොල්ලො කලබල වෙයි දුක් වෙයි කියලා ඊට පස්සේ අර නපුර කියනවි හරි මම ඔබට යන්න දෙන්නම් හැබැයි එක පොරොන්දුවක් පිට ගියාට කමක් නෑ උඹගෙ දුවලා තුන් දෙනාගෙන් කවුරු හරි නැවත මගේ මාලිගයට එවන්න ඕන ඒක තමයි පොරොන්දුව!

ඔන්න ඉතින් හුටපට හුඟක් වෙලා වෙළෙන්දා ගෙදර ගිහිල්ලා දුවලා තුන් දෙනාටම මේ කතාව කිව්වට අර නපුරියෝදෙන්නගෙන් එකෙක්වත් තාත්තා වෙනුවෙන් මේ නපුරා ගාවට යන්න කැමති වෙන්නේ නෑ !

අන්තිමට අර ලස්සන පොඩි දුව ඕන මගුලක් උනාවෙ කියල කැමතිවෙලා මාලිගාවට එනවාහැබැයි තාත්තා නම් පපුව පැලෙන්න අඬනවා මොන තාත්තාද කැමති ඒ වගේ නපුරෙක් ගාවට තමන්ගේ දුවව යවන්න!

සදහටම දකින්නෙ නැතුව ඉන්න!

පොඩි දුව නපුරාගේ මාලිගාවට එනවාඑයාටත් එයා හිතන හැමදේම කන්න බොන්න ලැබෙනවා හිතන්නේ මොකක්ද එක ලැබෙනවා ඔහොම කාලයක් ගියාට පස්සේ එයා හිතනවා ඇත්තටම මේ සංග්‍රහ කරන කෙනාව දකින්න තිබුනා නම් කියලා..

එයා එහෙම හිතුවා විතරයි කිරිගරුඬ බිත්තියේ ලිය වෙනවා ඒක නම් හිතන්නවත් එපා

ඔයා මගේ හදවත දැක්කනං ඒ ඇති මාව දකින්න හිතන්න එපා කියලා..ඒකට හේතුව විදිහට නපුරා කියන්නේ ලෝකෙ කිසිම ගෑනියෙක් ට දකින්න බැරි තරම් එයා කැත අවලස්සන සාපෙකට අහුවෙච්ච මිනිහෙක් කියලා

කෙල්ල ඒවා ගණන් ගන්නේ නෑ කෙල්ලට ඕනේ කොච්චර නපුරෙක් වුණත් ඒ මනුස්සයා හැබැහින් දකින්නඅන්තිමට නපුරා ඕන මගුලක් උනාවේ කියල කෙල්ල ඉදිරියේ පෙනී හිටිනවා!

නපුරාගේ කැත අවලස්සන බියජනක පෙනුම දැක්කම කෙල්ල සිහි නැතුව ඇදගෙන වැටෙනවාහැබැයි කෙල්ලට සිහිය එනකොට එයා ඉන්නේ ලස්සන කඩවසම් කුමාරයෙක් ගේ අත උඩ!

කෙල්ලගේ අවංක භාවය නිසා නපුර ගෙ සාපේ නැතිවෙලා මිනිහ ලස්සන කුමාරයෙක් වෙනවා

ගෑනු ආදරයෙන් නපුරු මිනිස්සුන්ගෙ හිත ලස්සන කරනවා!

සමහර නපුරෝ ගෑනු ආදරයෙන් නොමරා මරනවා!

ඒත් හුඟක් ගෑනු ඔය නපුරොන්ට ඇත්තටම ආදරෙයි!

මයුරි ලියනගේ