28.6 C
Colombo
Saturday, September 24, 2022
Google search engine
Homeඑතෙරපැය 18 ක විදුලිය කප්පාදුවක්

පැය 18 ක විදුලිය කප්පාදුවක්

ඉහළ යන උෂ්ණත්වය හමුවේ පාකිස්තානයේ උග්‍ර බලශක්ති අර්බුදයක් රට තුළ පැන නැග ඇත. දිගුකාලීන විදුලිය ඇනහිටීම් නරක අතට හැරී ඇති බව ඒරට මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රහස්පතින්දා, පකිස්තානයේ ප්‍රදේශ කිහිපයක දෛනික ජීවිතය සහ ව්‍යාපාර කඩාකප්පල් කරමින් දිගු කාලීන විදුලි කප්පාදුවක් සිදු විය. නාගරික ප්‍රදේශ සදහා පැය 6 සිට 10 දක්වා ද, ග්‍රාමීය ප්‍රදේශ දිනකට ආසන්න වශයෙන් පැය 18 ක විදුලිය ඇනහිටීම්වලට වන බව ඩෝන් පුවත්පත වාර්තා කළේය.

ඉන්ධන සහ ගෑස් හිඟය, ඉල්ලුම හා සැපයුමේ අසමතුලිතතාවය හේතුවෙන් තාප බලාගාරවල විදුලි උත්පාදනය විශාල ලෙස පහත වැටීම මෙම ව්‍යසනයට හේතු වී ඇත.

“උෂ්ණත්වය වැඩි වීමත් සමඟ සම්පූර්ණ හිඟය මෙගාවොට් 7,000 ත් 8,000 ත් අතර පරාසයක පවතින අතර ඉදිරි දිනවලදී උණුසුම් හා වියලි කාලගුණය පැවතියහොත් එය තවදුරටත් ඉහළ යා හැක” යනුවෙන් ඒරට විදුලිබල නිලධාරියෙකු උපුටා දක්වමින් ඩෝන් පුවත්පත වාර්තා කරයි.

RELATED ARTICLES