Home ආර්ථික ඉන්දියාව අමෙරිකානු ඩොලර් 15,500ක් වටිනා ඖෂධ තොගයක් පරිත්‍යාග කරයි

ඉන්දියාව අමෙරිකානු ඩොලර් 15,500ක් වටිනා ඖෂධ තොගයක් පරිත්‍යාග කරයි

0
37

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 95 කින් සමන්විත අමෙරිකානු ඩොලර් 15,500 ක වටිනාකමින් යුතු ඖෂධ තොගයක් පරිත්‍යාගයක් වශයෙන් ඉන්දීය රජය විසින් මෙරටට ලබා දී තිබෙනවා.

ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් ඖෂධ තොගය මෙරටට රැගෙනවිත් තිබූ අතර ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත ඒවා භාරදීම කොළඹ වරායේ දී සිදුකරනු ලැබුවා.