25 C
Colombo
Sunday, November 27, 2022
Google search engine
Homeදේශීයමහින්ද රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 17 විදෙස් ගමන් තහනමක්

මහින්ද රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 17 විදෙස් ගමන් තහනමක්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මන්ත්‍රී නාමල් රාජපක්ෂ, මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 17 දෙනෙකුට කොටුව අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා.

ඒ ඉකුත් මැයි මස 09 වෙනිදා “මයිනා ගෝ ගම  සහ ගෝඨා ගෝ ගම” සාමකාමී අරගල භුමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කළ නඩුව අවසන් වන තුරුයි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කරන ලද ඉල්ලීමක් පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. ඒ අනුව  මෙම සිද්ධිය ඇසින් දුටු බව කියන සාක්ෂිකරුවන් හත්දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. 

මෙම පුද්ගලයින්ගේ විදේශ ගමන් තහනම් කළ බව ආගමන සහ විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසත් මහේස්ත්‍රාත් වරයා විසින් නියෝග නිකුත් කළා.

RELATED ARTICLES