Home දේශපාලන ස්වාධීන වූ පක්ෂ 10 ‍රනිල්ගේ සහයට

ස්වාධීන වූ පක්ෂ 10 ‍රනිල්ගේ සහයට

0
50

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහය ලබාදෙන බව ආණ්ඩුවෙන් ඉවත්ව ඉකුත්දා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10 ක් පවසනවා. කිසිදු වරප්‍රසාදයක් ලබානොගෙන රට වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ගෙන යන වැඩ පිළිවෙලට සහය ලබාදෙන බවයි එම කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ. 

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ අග්‍රාමාත්‍යවරයාට සහය ලබාදීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.