31 C
Colombo
Monday, September 26, 2022
Google search engine
Homeදේශීයරටක් හැටියට රුසියාවෙන් සමාව ඉල්ලලා

රටක් හැටියට රුසියාවෙන් සමාව ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ විධායක සභික සාමාජිකයින් සහ ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද දින (09) කොළඹ ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේදී පැවැති අතර ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට හැකි විය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මිත්‍රශීලි ප්‍රතිපත්තිය අඛන්ඩව ඉදිරියටත් අනුගමනය කරන ලෙසද රුසියානු ශ්‍රී ලංකා තරුණ තරුණියන් අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීම සම්බන්දව පුළුල් ලෙස සාකච්ඡාවට ගැනුණු අතර ඒ පිළිබඳ සුභවාදී ආකල්පයක් ගොඩනගා ගත හැකි විය.

විශේෂයෙන් ඒරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් මතුවූ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ ලෙසත් රටක් ලෙදසද කණගාටුව පළ කල අතර ඉදිරියේදී මෙවැනි ගැටලුකාරි තත්ත්වයන් ඇති නොවන ලෙස කටයුතු කිරීම කෙරෙහි ආණ්ඩුවට බලකිරීමේ කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවද දැනුම් දෙන ලදී.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ අතර අද ශ්‍රී ලංකාව පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ගැනීම උදෙසා රුසියාවේ සහයෝගය අවශ්‍ය බවද එහිදී අවධාරණය කර ඇති බව සදහන් කරයි

RELATED ARTICLES