Home එතෙර අගමැතිට වෙඩි ප්‍රහාරයක්

අගමැතිට වෙඩි ප්‍රහාරයක්

0
70

ජපානයේ නාරා නගරයේ පැවති උත්සවයකදී වෙඩි තැබීමකින් හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේ ඇදවැටී තිබේ.

අබේ මහතාට දෙවරක් වෙඩි වැදුණු අතර, දෙවන වෙඩිල්ල ඔහුගේ පිටුපසට වැදී ඔහු බිම ඇද වැටුණි. පසුව ඔහුට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු ටෝකියෝ ආණ්ඩුකාර යොයිචි මසුසෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ 67 හැවිරිදි අබේ මහතා අසාධ්‍ය තත්වයක පසුවන බවයි.