28 C
Colombo
Friday, November 25, 2022
Google search engine
Homeක්‍රීඩාවසර හතකට පසු නාලන්දාව අවසන් මහා තරඟයට

වසර හතකට පසු නාලන්දාව අවසන් මහා තරඟයට

2015ට පසු ප්‍රථම වරට වයස 15න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේදී පලමු කොටසේ අවසන් මහා තරඟයට පිවිසීමට කොළඹ නාලන්දා විදුහල ඊයේ(2) සමත් උනා. ඒ කොට්ටාව ධර්මපාල විදුහල් ක්‍රීඩාපිටියේ පැවති අවසන් පූර්ව තරඟායේදී කොළඹ සාන්ත පීතර විදුහල තියුණු සටනකින් පරාජයට පත්කරමින්.

කාසියේ වාසිය දිනූ නාලන්දා නායක ඔසඳ පමුදිත මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කලත් සාන්ත පීතර පන්දුයවන්නන් හමුවේ නාලන්දා මුල් පෙල එතරම් සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ මුල් කඩුලු 6 ලකුණු 62ක් තුල බිඳ වැටුනු අතර නායක ඔසඳ 7වන කඩුල්ලට රනුග වත්තුහේවා සමඟ ලකුණු 39ක හා 8වන කඩුල්ලට සන්තුල් විජයරත්න සමඟ ලකුණු 36ක සම්භන්දතාවයක් පවත්වමින් නාලන්දා මුලු ලකුණු ප්‍රමාණය කඩුලු අටක් දැවී ලකුණු 137 දක්වා ඉහල නැන්වීමට සමත් උනා.

නාලන්දාව වෙනුවෙන් රනුග ලකුණු 27ක් ලබාගත් අතර ඔසඳ නොදැවී ලකුණු 31ක් ලබා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩාකල සාන්ත පීතර කන්ඩායමේ මුල් කඩුල්ල ලෙස ජේසන් මැතිවු ලකුණු නොලඹාම දවා ගැනීමට නදුල් ජයලත් සමත් උනා.

වර්ෂාවෙන් බාධා එල්ලවූ මෙම තරඟයේ තීරණය විසදුනේ බෝනස් ලකුණු මතයි. තරඟයේ අවසාන පන්දුවාරය සන්තුල් විජයරත්න ආරම්භ කරන විටත් බෝනස් ලකුණු අනුව පෙරමුණ ගෙන සිටියේ සාන්ත පීතර විදුහලයි. නමුත් අවසන් පන්දු වාරයේ තුන්වන පන්දුවෙන් ඒ වනවිට පන්දු 70 කට මුහුණ දෙමින් ලකුණු 24ක් ලබා සිටි සඳරු මීදුම් දවාගනිමින් නාලන්දාවට ජයග්‍රහණය ගෙන ඒමට සන්තුල් සමත් උනා. එම කඩුල්ල දවාගැනීම සදහා ඔමිත් රත්නායක විශිෂ්ඨ උඩපන්දුවක් රැකගනු ලැබුවා.

ඒ අනුව නාලන්දාව කටුගාස්තොට සාන්ත අන්තෝනි හා ගල්කිස්ස සාන්ත තෝමස් අතර පවත්වන අවසන් පූර්ව තරඟයේ ජයග්‍රාහකයන් සමඟ අවසන් තරඟයට ලබන 6 වැනිදා කොළඹ තර්ස්ටන් පිටියේදී මුහුණ දීමට නියමිතයි.

ලකුණු සටහන
නාලන්දා විදුහල 137/8 (49.3)
ඔසඳ පමුදිත 31* (77)
රනුග වත්තුහේවා 27 (47)
යසස් සඳරුවන් 18 (37)

රෆායල් හෙට්ටිගේ 10.3 – 2 – 17- 03
ජොශුවා සෙබස්තියන් 7 – 0 – 21 – 2

සාන්ත පීතර 55/4 (32)
සඳරු මීදුම් – 24 (70)

සන්තුල් විජයරත්න 11 – 4 – 19 – 02
ලෙලුම් සමරනායක් 4 – 0 – 4- 1
නදුල් ජයලත් 4 – 1- 7 – 1

https://www.facebook.com/news.ceylondaily.lk/videos/1284191352353188

RELATED ARTICLES