Home දේශපාලන තරුණ පොහොට්ටුවේ නව කැදවුම්කරු විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධානයකින්..

තරුණ පොහොට්ටුවේ නව කැදවුම්කරු විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධානයකින්..

0
16

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණිම සමඟ පොහොට්ටුව දැවැන්ත නව ගමනක් සඳහා සුදානම් වෙමින් පවතින බවත්, එහි පලමු ක්‍රියන්විතය ලෙස පොහොට්ටුවේ තරුණ පෙරමුණේ නව නියෝජ්‍ය සභාපති හා කැදවුම්කරු ලෙස කළුතර දිස්ත්‍රික්කය නියෝජය කරමින්, ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂක හේමන්ත ශ්‍රි ලාල් මහතා පත්කර ඇත. වත්මන් සභාපති ධුරය හම්බන්තොට දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍ය ඩි. වී චානක, ලේකම් ධුරය මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නිපුන රණවක හා භාණ්ඩාගරික හිටපු වයඹ පලාත් මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු යන අය විසින් කටයුතු කරයි.

එහි උප සභාපති ලෙස මලිති හේවාවසම් හා දිල්රුක් රඹුක්කනගේ, නියෝජ්‍ය ලේකම් ලෙස අනුරාධ බණ්ඩාර හා ගයාශාන් කරුණාරත්න හා නියෝජ්‍ය භාණ්ඩාගරික ලෙස දුෂාන් හෙට්ටිආරච්චි පත්කර ගැනිමට විධායක කමිටුව කටයුතු කර ඇත.
ඒ අනුව මෑත ඉතිහාසේ දැවැන්තම පක්ශය ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිසංවිධානය වෙමින් ඉදිරි මැතිවරණ සඳහා සුදානම් බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳන් කරයි.

නව කැඳවුම්කරු ලෙස පත්වූ හේමන්ත ශ්‍රීලාල් මහතා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් තුළ කටයුතු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශිෂ්‍ය සංවිධානය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංගමය හරහා ජාතික දේශපාලනයට පිවිසි අයෙකි. විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් වල විශාල පිරිසක් එතුමා සමඟ එක්වන බවත්, ඉදිරියේ දැවැන්ත ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙලක් සඳහා ශ්‍රි ලංකා පොදුජන තරුණ පෙරමුණ කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් වේ.