26.1 C
Colombo
Saturday, October 1, 2022
Google search engine
Home Blog

“හොඳම නළුවා” ට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර රුසියාවේ කසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ “හොඳම නළුවා” ට හිමි සම්මානයෙන් පිදුම් ලබයි…

රුසියාවේ ටටස්ථාන් ජන රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව වාර්ෂිකව පැවැත්වෙන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේ (Kazan International Muslim Fim Festival) 18 වෙනි අදියර ඊයේ (11 වෙනිදා) රාත්‍රියේදී පෞරාණික කසාන් නුවර පිරමීඩ් සංකීර්ණයේදී අති උත්සව ශ්‍රීයෙන් නිමාවිය. එහිදී කාන්, ලන්ඩන් ,බූසාන් ආදී ලෝ ප්‍රකට සිනමා උළෙල නියෝජනය කළ සිනමාපට ඇතුළුව පසුගිය දෙවසර තුළ ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ සිනමා 10 ක් අන්තර්ගත වූ උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශයේ “හොඳම නළුවා”ට හිමි සම්මානයෙන් සමව පිදුම් ලැබීමට ‘ද නිවුස්පේපර්” චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පන පෙවූ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සමත්වූහ.

2005 වර්ෂයේ සමාරම්භය සනිටුහන් කළ කසාන් සිනමා උළෙලේ ශ්‍රී ලාංකේය සිනමාපටයක් සම්මානයකින් පිදුම් ලද දෙවෙනි අවස්ථාව මෙය වූ අතර, මීට පෙර 2018 වර්ෂයේදී සමීර නාඔටුන්නගේ “මෝටර් බයිසිකල්” සිනමාපටය “රුසියානු සිනමා විචාරක සංසදය” විසින් පිරිනමන ස්වාධීන ජූරි සම්මානයෙන් පිදුම් ලැබීය. එහෙත් උළෙලේ ප්‍රධානතම ජූරිය විසින් පිරිනැමූ සම්මානයකට ශ්‍රී ලාංකේය සිනමාපටයක් හිමිකම් කියූ පළමු අවස්ථාව “ද නිවුස්පේපර්” හරහා සටහන් වීම කැපී පෙනේ. එසේම කසාන් උළෙල නියෝජනයට වරම් ලද සිව්වෙනි ශ්‍රී ලාංකේය සිනමාපටය “ද නිවුස්පේපර්” විය. එහිදී “මෝටර් බයිසිකල්” හා “ද නිව්ස්පේපර්” ප්‍රධානතම තරගකාරී අංශය ( Full Length Feature Competition) යටතේද, සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” (2017 දී) සහ මාලක දේවප්‍රියගේ “බහුචිතවාදියා” (2018 දී) තරගයෙන් බැහැර වූ අංශය (Out of Competition) යටතේද උළෙලේ තිරගත විය.

ෆිඇප්ෆ් (FIAPF ) අනුමැතිය හිමිවූ ඉන්දියාවේ බෙංගලුරු අන්තර්ජාතික සිනමා උළෙලේදී දෙවෙනි හොඳම ආසියානු සිනමාපටයට හිමි සම්මානයෙන් (Second Best Asian Film) “ද නිවුස්පේපර්” චිත්‍රපටය පිදුම් ලැබීමත් සමග, සෙසු අන්තර්ජාතික සිනමා උළෙලවලදී “ද නිව්ස්පේපර්” චිත්‍රපටය වෙත විශේෂ අවධානයක් හිමි විය. එහෙයින් මේ දක්වා “ද නිවුස්පේපර්” චිත්‍රපටය නියෝජනය කළ සියලුම අන්තර්ජාතික සිනමා උළෙල වලදී සම්මානයකින් පිදුම් ලැබීමට හෝ සම්මාන‍යක් සදහා නිර්දේශ වීමට හෝ “ද නිවුස්පේපර්” සමත්ව තිබීම කැපී පෙනේ. කසාන් උළෙලේදී ලද සම්මානයත් සමග මේ වනවිට අන්තර්ජාතික උළෙලවලදී “ද නිවුස්පේපර්” දිනා ඇති සමස්ත සම්මාන සංඛ්‍යාව 08 ක් බවට පත්වේ.
බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ “ද නිවුස්පේපර්”, රුසියාවේ කසාන් සිනමා උළෙලට නිර්දේශ කිරීම හා සම්බන්ධීකරණය යූඑල්කේ ෆිල්ම්ස් පුද්ගලික සමාගම විසිනි.

ජායාරූප:
කසාන් සිනමා උළෙලේ සංවිධායක මඩුල්ලේ ඇරයුමෙන් උළෙලේ සමාප්ති උළෙලට සහභාගි වූ “ද නිවුස්පේපර්” චිත්‍රපටයේ නිෂ්පාදක බන්දුල ගුණවර්ධන, සරත් කොතලාවල හා කුමාර තිරිමාදුරට හිමිවූ “හොඳම නළුවා” සම්මානය දෝත දරන මොහොත.

වසර හතකට පසු නාලන්දාව අවසන් මහා තරඟයට

2015ට පසු ප්‍රථම වරට වයස 15න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේදී පලමු කොටසේ අවසන් මහා තරඟයට පිවිසීමට කොළඹ නාලන්දා විදුහල ඊයේ(2) සමත් උනා. ඒ කොට්ටාව ධර්මපාල විදුහල් ක්‍රීඩාපිටියේ පැවති අවසන් පූර්ව තරඟායේදී කොළඹ සාන්ත පීතර විදුහල තියුණු සටනකින් පරාජයට පත්කරමින්.

කාසියේ වාසිය දිනූ නාලන්දා නායක ඔසඳ පමුදිත මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කලත් සාන්ත පීතර පන්දුයවන්නන් හමුවේ නාලන්දා මුල් පෙල එතරම් සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ මුල් කඩුලු 6 ලකුණු 62ක් තුල බිඳ වැටුනු අතර නායක ඔසඳ 7වන කඩුල්ලට රනුග වත්තුහේවා සමඟ ලකුණු 39ක හා 8වන කඩුල්ලට සන්තුල් විජයරත්න සමඟ ලකුණු 36ක සම්භන්දතාවයක් පවත්වමින් නාලන්දා මුලු ලකුණු ප්‍රමාණය කඩුලු අටක් දැවී ලකුණු 137 දක්වා ඉහල නැන්වීමට සමත් උනා.

නාලන්දාව වෙනුවෙන් රනුග ලකුණු 27ක් ලබාගත් අතර ඔසඳ නොදැවී ලකුණු 31ක් ලබා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩාකල සාන්ත පීතර කන්ඩායමේ මුල් කඩුල්ල ලෙස ජේසන් මැතිවු ලකුණු නොලඹාම දවා ගැනීමට නදුල් ජයලත් සමත් උනා.

වර්ෂාවෙන් බාධා එල්ලවූ මෙම තරඟයේ තීරණය විසදුනේ බෝනස් ලකුණු මතයි. තරඟයේ අවසාන පන්දුවාරය සන්තුල් විජයරත්න ආරම්භ කරන විටත් බෝනස් ලකුණු අනුව පෙරමුණ ගෙන සිටියේ සාන්ත පීතර විදුහලයි. නමුත් අවසන් පන්දු වාරයේ තුන්වන පන්දුවෙන් ඒ වනවිට පන්දු 70 කට මුහුණ දෙමින් ලකුණු 24ක් ලබා සිටි සඳරු මීදුම් දවාගනිමින් නාලන්දාවට ජයග්‍රහණය ගෙන ඒමට සන්තුල් සමත් උනා. එම කඩුල්ල දවාගැනීම සදහා ඔමිත් රත්නායක විශිෂ්ඨ උඩපන්දුවක් රැකගනු ලැබුවා.

ඒ අනුව නාලන්දාව කටුගාස්තොට සාන්ත අන්තෝනි හා ගල්කිස්ස සාන්ත තෝමස් අතර පවත්වන අවසන් පූර්ව තරඟයේ ජයග්‍රාහකයන් සමඟ අවසන් තරඟයට ලබන 6 වැනිදා කොළඹ තර්ස්ටන් පිටියේදී මුහුණ දීමට නියමිතයි.

ලකුණු සටහන
නාලන්දා විදුහල 137/8 (49.3)
ඔසඳ පමුදිත 31* (77)
රනුග වත්තුහේවා 27 (47)
යසස් සඳරුවන් 18 (37)

රෆායල් හෙට්ටිගේ 10.3 – 2 – 17- 03
ජොශුවා සෙබස්තියන් 7 – 0 – 21 – 2

සාන්ත පීතර 55/4 (32)
සඳරු මීදුම් – 24 (70)

සන්තුල් විජයරත්න 11 – 4 – 19 – 02
ලෙලුම් සමරනායක් 4 – 0 – 4- 1
නදුල් ජයලත් 4 – 1- 7 – 1

https://www.facebook.com/news.ceylondaily.lk/videos/1284191352353188

කරාතේ සංගමේ උපසභාපති හා කැදවුම්රු පත් කෙරේ

ශ්‍රි ලංකාවේ සකුරාකායි කරාතේ සංගමේ උපසභාපති හා කැදවුම්රු ලෙස තෙරි ශාලික ඉන්ද්‍රජීත් මහතා සුදුසුකම් ලැබිය.

කලු පටි 2 ශ්‍රේණිය නියෝජනය කරමින් 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතාවලිය නියෝජනය හා 2018 කලු පටි කාතා අංශයේ ලෝකඩ පදක්කම දිනා ගැනිමට ද සමත් වි ඇත. ශ්‍රි ලංකා ගුවන් හමුදා කණ්ඩායම හා ජාතික කණ්ඩායමද නියෝජනය කල ක්‍රීඩකයෙකු වේ.

සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීම

අගෝස්තු 24 – ශ්‍රී ලංකාව බිහිකළ අග්‍රගන්‍ය පිතිකරුවෙකු වූ කුමාර් සංගක්කාර මහතා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීම….

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම වමත් පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර මහතා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේ 2015 වර්ෂයේ අද වැනි දිනකයි.

2000 වසරේ ජුලි 20 දකුණු අප්‍රිකාව සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයකදී ටෙස්ට් වරම් හිමිකර ගත් ඔහු පිතිකරුවකු සහ කඩුළු රකින්නෙකු ලෙස වසර 15ක් මෙරට ජාතික කණ්ඩායම නියෝජනය කර 2015 වර්ෂයේ අද වැනි දිනක ඉන්දියාව සමඟ පැවති තරගයකදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තා.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තළ ටෙස්ට් තරග 134ක දී ඉනිම 234ක් ක්‍රීඩා කර ලකුණු 12,400ක් ලබා ගැනීමට සංගක්කාර සමත් වී තිබෙනවා.

එම ලකුණු සංඛ්‍යාවට ශතක 38ක් සහ අර්ධ ශතක 52ක් සහ ද්විත්ව ශතක 11 ඇතුළත් වන අතර ඔහු ඉනිමක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ 319ක්.

එමෙන්ම ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය සටහන්ව ඇත්තේ 57.40 ලෙසයි.

ඔහු 2011 ලෝක ක්‍රිකට් අනුශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළා.

යුද හමුදා රගර් සටන හෙට

ශ්‍රී ලංකා යුධ හමුදා අන්තර් රෙජිමේන්තු රගර් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ යුද හමුදා සංඥා බලකා සහ යුධ හමුදා පොදු සේවා බලකා රගර් සටන හෙට (30) කොළඹ තුරඟ තරඟ පිටියේදී පස්වරු 0400 ට යුද්ධ හමුදාධිපති ලූතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

කඩිනම් කරන්න බන්දුල යයි

0

ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළ කලේ බත්තරමුල්ල පිටකෝට්ටේ මාර්ගය සහ නාවල – රාජගිරිය සම්බන්ධ කරමින් නාවල රාජගිරිය ඇල හරහා ඉදිකරන නාවල – අංගම්පිටිය පාලමේ වත්මන් තත්වය සොයාබැලීමට අද ( 26 ) දින පෙරවරුවේ එම ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමිනි.

2020 නොවැම්බර් 26 වන දින වැඩ ආරම්භ කරන ලද මෙම පාලම විදේශ විනිමය හා ආර්ථික අර්බුදය නිසා මේ වන විට තාවකාලිකව වැඩ නැවතී ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මඟින් මංතීරු 02 කින් යුතු මෙම නව පාලම ඉදි කරනු ලබයි. මීටර් 600 ක දිගින් සහ මීටර් 10.4 ක පළලින් යුතු මෙම නව පාලම ඉදිකිරීමේ ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 1,698.55කි. පාලම දෙපස මීටර 1.5 බැගින් වූ පදික මංතීරු 2ක් ද ඉදිකරනු ලබයි. එමෙන්ම මෙම පාලමට ප්‍රවේශ වීමට අංගම්පිටිය දෙසින් මීටර 60 ක දිගින් යුත් ප්‍රවේශ මාර්ගයක් සහ පාලමෙන් පිටව පාසැල් පටුමගට ප්‍රවේශ වීමට මීටර 40 ක දිගින් යුතු මාර්ගයක් ද ඉදිකරනු ලබයි. ප්‍රදේශයේ වගුරු බිමට හානි නොවන ලෙස කණු මත මෙම නව පාලම ඉදිකිරීමට කටයුතු කරනු ලැබේ.

මෙම නව පාලම ඉදිකිරීම මඟින් රාජගිරිය , නුගේගොඩ ප්‍රදේශවල පවතින දැඩි රථවාහන තදබදයට පිලියම් ලැබෙන අතර මහජනතාවට කෙටි දුරක් ගෙවා කිරුලපන , නාරාහේන්පිට ප්‍රදේශ වලට ලඟා විය හැක.

මුදල් ප්‍රතිපාදන ලැබේනම් පාලමේ වැඩ මාස 3 ½ ක කාලයක් තුල රථවාහන වලට ගමන් කල හැකි පරිදි සකස් කිරීමට හැකි බව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීති ගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවේන්ද්‍ර මහතා මහාමාර්ග අමාත්‍යවරයාට මෙහිදී පැවසීය.

විශාල පිරිවැයක් දරා ආරම්භ කර ඇති මෙම පාලම පිලිබදව කැබිනට් මණ්ඩලය දැනුවත් ඉතා කෙටි කාලයක් තුල මෙම පාලමේ වැඩ කටයුතු අවසන් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් , රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීති ගත සංස්ථාවේ ව්‍යාපෘති කළමණාකරු කේ.එස්.එම්.ආර්. ප්‍රියදර්ශන , ව්‍යාපෘති ඉංජිනේරු ෂමීම් මහතා ඇතුළු පිරිසක් එක් වූහ.

ජල ගාස්තු ඉහලට

0

සැප්‍තැම්බර් මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහල දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

” ලක්දිව ඉංජිනේරු සමාගම” යලිත්

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද දින ඒකල ලක්දිව ඉංජිනේරු ආයතන පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයකට එක් විය. එහිදී ලක්දිව ඉංජිනේරු ආයතනයේ අලුත් වැඩියාව නිම කල බස් රථ 10ක්‌ නැවත ලංගම වෙත බාරදීමද අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ආයතනයේ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහකද නිරත වූ අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටළු පිලිබඳවද සිය අවධානය යොමු කළේය.

මෙහිදී රටතුල දැනට පවතින බස්රථ හිඟයට කඩිනම් පිලියමක් ලෙස ආයතනය මඟින් සිදු කෙරෙන බස්රථ අලුත්වැඩියා කිරීමේ කටයුතු තවත් පුළුල් කිරීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම රජයට අනුබද්ධ සමාගමකි. අක්කර 24ක භූමි ප්‍රදේශයක විසිර ඇති මෙම ආයතන සංකීර්ණය තුල ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ අලුත් වැඩියාව ඇතුළු සේවාවන් රැසක් සිදු කෙරේ.

දිවයින පුරා ඩිපෝවල ආපදාවට ලක්වන බස්රථවල බඳ අලුත්වැඩියාව, වර්ණ ගැන්වීම, විදුලි පද්ධතිය අලුත්වැඩියාව වැනි කටයුතු පෞද්ගලික අංශයට වඩා සහනදායි ක්‍රමයකට සිදු කර දීම මෙහි විශේෂත්වයයි.

පළපුරුදු කාර්මිකයින් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මසකට බස්රථ 10 ක්‌ පමණ සම්පුර්ණයෙන්ම අලුත්වැඩියාව නිමකර නැවත ඩිපෝ වෙත බාරදෙනු ලබයි. මීට‍ අමතරව ආපදාවට ලක්‌ වූ රජයේ ආයතන සතු වාහනද මෙම පරිශ්‍රයේ අලුත්වැඩියා කිරීම සිදු වේ.

ලංගම බස් රථ වලට අමතරව අමාත්‍යංශ හා රජයේ ආයතනවල වාහන අලුත්වැඩියාව සඳහාද මෙම ආයතනයේ සේවය ලබා දීම දැනට අරඹා ඇති අතර එම සේවාවන් තව දුරටත් පුළුල් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්තුමා,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, ලක්දිව ඉංජිනේරු ආයතනයේ සභාපතිතුමා, සාමාන්‍යධිකාරීතුමා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අමාත්‍යාංශ සේවා වියදම් රුපියල් 3,275,876,558,000

මෙම වසරේ අයවැයට සංශෝධන ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති සංශෝධන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අගොස්තු මස 30 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එම පනත් කෙටුම්පතට අනුව 2022 මුදල් වර්ෂය සඳහා ආණ්ඩුවේ අමාත්‍යාංශ සේවා වියදම් රුපියල් 3,275,876,558,000 ක් ලෙස වැඩි කර තිබෙනවා.

2022 වසර සඳහා වෙන්කර ඇති අමාත්‍යාංශ සේවා වියදම රුපියල් බිලියන 480කින් ඉහළ නැංවීමට යෝජනාවී ඇති අතර 2022 වසරේ ශ්‍රී ලංකාව තුළින් හෝ බැහැරින් ණය ලබාගැනීමේ සීමාව රුපියල් බිලියන 3,200 සිට රුපියල් බිලියන 4,082ක් දක්වා වැඩිකිරීමටද යෝජනා කර ඇති බවයි සඳහන් වන්නේ.

මංජුල සමරසේකර අත්අඩංගුවට..?

0

මාධ්‍යවේදී මංජුල සමරසේකර අත්අඩංගුවට ගැනිම පිලිබඳ ”ඩිජිටල් මාධ්‍ය ව්‍යාපාරය” විසින් මානව හිමිකම් වෙනුවෙන් යැවු ලිපිය.

උපුටා ගැනිම –

විනිසුරු (විශ්‍රාමික) රෝහිණී මාරසිංහ මහත්මිය,
සභාපති සහ අධ්‍යක්ෂවරුන්,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.

මාධ්‍යවේදී මංජුල සමරසේකර අත්අඩංගුවට ගැනීමේ උත්සාහය සම්බන්ධවයි.

ඩිජිටල් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරී කමිටු කැඳවුම්කරු මෙන්ම මාධ්‍ය සංවිධාන ගණනාවක ක්‍රියාකාරී සාමාජිකයෙකු ද වන මාධ්‍යවේදී මංජුල සමරසේකරව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ලැබී ඇත.

ඩිජිටල් මාධ්‍යවේදියෙකු ලෙසත් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසත් අරගලය තුළ කිසිදු නීතිවිරෝධී කටයුත්තකට සම්බන්ධ වී නොමැති මංජුල සමරසේකර, වීදි විරෝධතා හරහා මෙන්ම සාකච්ඡා මේසය ඔස්සේත් අරගල කළ හැකි බව විශ්වාස කළ සාමකාමී, නීතිගරුක අරගලකරුවෙකි. අරගලයේ අරමුණු සාකෂාත් කරගැනීම උදෙසා විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ සාකාච්ඡා කිරීම ආරම්භ කළ ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ සංවිධානයේ ආරම්භක සභාපතිවරයාද වන්නේ මාධ්‍යවේදී මංජුල සමරසේකර ය.

ව්‍යවස්ථානුකූලව තමන්ට ලැබී ඇති මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය නිශ්චිත සීමා තුළ භාවිතා කළ මංජුල සමරසේකර වැන්නන් මර්දනය කිරීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයකි.

මංජුල සමරසේකර යනු ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ වසර පහක කාලයක් තිස්සේ සේවය කරන පළපුරුදු මාධ්‍යවේදියෙකි. රැස පුවත්පතේ නියෝජ්‍ය සංස්කාරකවරයා ලෙස කටයුතු කළ ඔහු මේ වනවිට ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ ඩිජිටල් මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස සේවය කරමින් සිටියි.

වර්තමාන ආණ්ඩුව ගෙන යන මර්දනයේ තවත් එක් පියවරක් ලෙස මාධ්‍යවේදී මංජුල සමරසේකරව අපහසුතාවට පත් කිරීමට සහ/හෝ ඔහු අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය උත්සාහ කරන බවට වූ පැහැදිලි ඉඟියක් 2022/08/24 දින ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ පුවතක් හරහා ලබා දී ඇති බව අපගේ විශ්වාසය යි. එහි දක්වා ඇති ආකාරයට මංජුල සමරසේකර, අරගලයේ මාධ්‍ය මධ්‍යස්ථානය නම් සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා ලෙස පත් වීමට නියමිත බවත්, ඔහු ප්‍රභල දේශපාලකයකු සමග ක්‍රියකාරී දේශපාලනයේ නිරත වන සමීපතමයෙකු බවත්, එම සංවිධානය පිළිබඳව බුද්ධි නිළධාරීන් යොදවා විමර්ෂණයක් සිදු කර තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් නිළධාරීන්ට නියෝග කර ඇති බවත් සඳහන්ය. මෙය පැහැදිලිවම ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට ක්‍රියාත්මක වන නාටකයක පිටපතක් බව අපගේ විශ්වාසයයි.

ජනමාධ්‍යවේදියකු සහ සමාජ, දේශපාලන ක්‍රියාකාරිකයකු සහ මානව හිමිකම් ආරක්ෂකයකු වන මංජුල සමරසේකර හට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)අ, 14(1)ආ, 14(1)ඇ යටතේ ලැබී ඇති භාෂණයේ සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට, සාමකාමීව රැස්වීමේ නිදහසට, සමාගමයේ නිදහසට, බලපෑම් කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නෙකෝන් විසින් කටයුතු කර ඇති බව අපගේ විශ්වාසයයි. මංජුලගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා කඩිනමින් මැදිහත්වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

ඩිජිටල් මාධ්‍ය ව්‍යාපාරය

පිටපත්
1) ශ්‍රී ලංකා නීතිඥ සංගමය
2) සියලුම වෘත්තිය මාධ්‍ය සංවිධාන
3) සියලුම මාධ්‍ය ආයතන

– උපුටා ගැනිම අවසන් –